එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය. ඒ විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය සමගින් දැන් පැවැත්වෙන තරගයේදීය. බට්ලර් මෙම තරගයේදී පන්දු 47 කදී ලකුනු 73 ක් වාර්තා කලේය. ඒ සමගින් ඔහු සිය සමස්ථ ලකුනු සංඛ්‍යාව 2468 ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත්විය. ඉනිම් 92 කදී වාර්තා වූ මෙම ලකුණු සංඛ්‍යාවට එක් ශතකයක් හා අර්ධ ශතක 18 ක් අයත් වේ. මෙහිදී බට්ලර් විසින් අබිබවා ගියේ එංගලන්ත හිටපු නායකයෙකු වූ ඔයින් මෝගන්ය. ඔහු ඉනිම් 107 කදී ලකුණු 2858 ක් රැස් කරගෙන ඇත. එමෙන්ම ලොව වැඩිම විස්සයි විස්ස ලකුනු ලාභීන් අතර දසවැනි ස්ථානයට පත්වීමටද බට්ලර් මෙහිදී සමත්විය. එහි පෙරමුනේ පසුවන්නේ ඉනිම් 104 කදී ලකුණු3868 ක් රැස් කළ ඉන්දියාවේ විරාත් කෝලිය.