කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්රිකට් තරගාවලියක් සඳහා තම ක්රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට තිබේ.
ඒ අනුව ජුලි මාසයේදී ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය නොපැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම ටෙස්ට් තරගාවලියට තරග තුනක් ඇතුළත් විය.