සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 224කින් පරාජය කරමින් දෙරට අතර පැවැති එකම ටෙස්ට් තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.
චිතගොංහි පැවැති තරගයේ ලකුණු 398ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 173කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
තරගයේදී පන්දුවෙන් හා පිත්තෙන් දක්ෂතා දැක්වූ රෂීඩ් ඛාන් පළමු ඉනිමේදී ලකුණු 51ක් හා කඩුලු 5/55ක්ද දෙවැනි ඉනිමේදී ලකුණු 24ක් හා කඩුලු 6/49ක්ද බිඳ හෙළීමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 305ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස්කළේ ලකුණු 205ක් පමණි. නැවතත් සිය දෙවැනි ඉනිම ක්රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 266ක් රැස්කළ අතර බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 173ට සීමාවිය.
ඇෆ්ගනිස්ථාය හා බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තෙවැනි ටෙස්ට් තරගය වෙයි.
ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව ක්රීඩා කළ අතර එම තරගය ඔවුන් පරාජයට පත්විය. දෙවැනි ටෙස්ට් තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති අතර එය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ. තෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව අද ජයගත්තේය.