සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ කුසල් පෙරේරා සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 120 ක් රැස් කලේය. ඊට අමතරව ධනංජයද සිල්වා සිය 6 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරිමට සමත්විය. පන්දු යැවීමෙන් ටස්කින් අහ්මඩ් කඩුළු 4 ක් බිඳ හෙළීය.