පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හා පුහුණුකරුවෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ. මෙසේ කොවිඩ් ධනාත්මක වූවන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු සහ පිරිමි සහ කාන්තා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවක්ද වෙයි.
මෙම ක්‍රීඩකයන් හා පුහුණුකරුරට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංවිධායකයින් විසින් සංවිධානය කරන ලද හුදකලා හෝටලයක නවාතැන්ප් ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුව වෙමින් පසුවෙයි.