ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සමගින් පැවති තරගයෙන් ලකුනු 10 ක තියුනු ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ 13 වැනි තරගය ලෙස අද (14දා) සන්ධ්‍යාවේ මෙය පැවැත්විණි.
පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කැන්ඩි වෙතින් හිමි වූ ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ලෙස ජැෆ්නා පිතිකරුවන්ට පන්දුවාර 20 තුළදී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 150/9ක් පමණි. සදීර සමරවික්‍රම (48) හා අවිශ්ක ප්‍රනාන්දු (33) මෙහිදී පිත්තෙන් සාර්ථක වුවද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.
කැන්ඩි වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ කාලොස් බ්‍රැත්වේට් ලකුණු 18කට කඩුලු 04ක් දවාගත්තේය.
පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 168/8ක් රැක්රීමට සමත් විය. ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ ෆේබියන් ඇලන් ලකුණු 47ක් රැස්කිරීමට සමත් වූ අතර, පන්දු 23කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 03ක් හා හයේ පහර 04ක් ඇතුළ් විය.
ඊට අමතරව පන්දු 22කින් ලකුණු 35ක් රැස්කිරීමට අන්ඩ්‍රි ෆ්ලෙචර් සමත් වූයේ හයේ පහර 02ක් හා හතරේ පහර 04ක්ද සමගිනි. ඉනිමේ පසුපෙළ වර්ණවත් කළ චාමික කරුණාරත්න දැවැන්ත හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 18ක් රැස්කළේය.
පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ (2/7), ජේම්ස් ෆුලර් (2/28), වකාර් සලම්කිල් (2/40) හා ඩිල්ෂාන් මධුසංක (2/41) කඩුලු 02 බැගින් බිඳළූහ. තරගයේ වීරයා සම්මානය පිත්තෙන් හා පන්දුවෙන්ම දස්කම් දැක්වූ ෆේබියන් ඇලන් විසින් හිමිකර ගත්තේය.
මෙම තරගය ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ වෙනුවෙන් පැවැත්වූ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ අතර මේ අනුව එහි පෙරමුනේ තවදුරටත් රැඳී සිටීමට කැන්ඩි කණ්ඩායම සමත්වූයේ සුපුරුදු පරිදි දෙවැනි ස්ථානයට ජැෆ්නා පත් කරමිනි.
කැන්ඩ් තරග 6 කින් 5 ක් ජය ගැනීමට සමත්ව ඇති අතර ජැෆ්නා තරග 6 කින් 4 ක් ජයගෙන ඇත.
ෆේබියන් ඇලන්