පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ තරග දෙකක් ඊයේ පැවැති අතර එම තරග දෙකම විසඳුමකින් තොරව අවසන් විය.
ස්පාඤ්ඤ කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. තියුණු තරගයක් වූ මෙම තරගයේ පළමු අර්ධය නිමා වූයේද ගෝල 1-1ක් ලෙසිනි. කෙසේ වෙතත් ස්පාඤ්ඤය අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.
ස්පාඤ්ඤය වෙනුවෙන් ඉස්කෝ (18) හා ඉගෝ (90+1) ගෝල වාර්තා කිරීමට සමත්වූ අතර මොරොක්කෝව වෙනුවෙන් බෝටයිබ් (14) හා නෙස්යුරි (81) ගෝල වාර්තා කිරීමට සමත්විය.
මේ අතර පෘතුගාල කණ්ඩායම හා ඉරාන කණ්ඩායම අතර පැවැති තරගයද ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.
මෙම තරගයේදී පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දඬුවම් පහරක් සාර්ථක කර ගැනිමට නොහැකිවිම කැපී පෙනෙන සිදුවීමක් විය. තරගය විසඳුමකින් තොරව අවසන් වුවත් පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය. පෘතුගාලය වෙනුවෙන් රිකාඩෝ (45) ද ඉරානය වෙනුවෙන් අන්සාරිෆාඩ් (90+3) ද ගෝල වාර්තා කිරීමට සමත්වූහ.