පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.
මෙලෙස හිස්වූ අසුනට මෙලෙස මාටිනස් පත්කොට ඇත. විශේෂත්වය වන්නේ මාටිනස්ද පසුගිය ලෝක කුසලානයේදී බෙල්ජියම් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුනුකරු ලෙසින් ක්‍රියා කිරීමයි.
මාටිනස් වසර 6 ක් (2016-22) බෙල්ජියම් ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ක්‍රියා කර ඇත. එහිදි 2018 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය කරා බෙල්ජියම රැගෙන යාමට ඔහුගේ පුහුනුකාරීත්වය යටතේ හැකි වූ අතර ලෝක කුසලානයට පෙර ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ බෙල්ජියම දෙවැනි ස්ථානයෙහි රදවා තැබීමටද ඔහු සමත්විය.
නමුත් මෙවර ලෝක කුසලානයේදී අනපේක්ෂිත පසුබෑමකට ලක්වූ අතර මූලික වටයෙන්ම ඔවුන්ට ඉවත්වීමට සිදුවූයේ මොරොක්කෝව හමුවේ ගෝල 2-0 ක දරුණු පරාජයකට ලක්වීමටද ඔවුන්ට එහිදී සිදුවිය. මේ හේතුවෙන් තරගාවලියෙන් අනතුරුව මාටිනස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
පෘතුගාලය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය කර පැමිණි අතර එහිදී ඔවුන් මොරොක්කෝව හමුවේ ගෝල 1-0 ක පරාජයකට ලක්විය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදී කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක හා නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ක්‍රියා කළ ෆර්නැන්ඩෝ සැන්ටෝස් අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය. ඒ හේතුවෙන් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේදී රොනාල්ඩෝව කණ්ඩායමෙන් ඉවත් කර අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රඳවා තැබීමට සැන්ටෝස් ක්‍රියා කිරීමද මතභේදයට තුඩු දුන්නේය.
හිටපු පුහුණුකරු සැන්ෙටා්ස්
නව පුහුණුකරු මාටිනස්