විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු පහකට ලකුණු 188ක් රැස්කිරීමට සමත්විය. කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්රිඩා කළ වනිඳු හසරංග පන්දු 14කදී ලකුණු 37ක් රැස්කළේය.
ලකුණු 189ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 155/5ක් පමණි.