ජාතික වොලිබෝල් තේරිම් කමිටුවට ෆින්ලන්ත ජාතික පුහුණු කරුවෙකු සිදුකරනු ලබන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් තමන් ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත්වන බව ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති එල්.සි. ඒකනායක මහතා පවසයි.
තරගාවලි සඳහා සුදුසු ක්‍රිඩකයින් තමන් ඇතුළු තේරිම් කමිටුවක් විසින් නිර්දේශ කරන බවත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තරග වලට ඉදිරිපත්වී ජයග්රහන රැගෙන විත් ඇති බවත් එල්. සී. ඒකනායක මහතා පවසයි.
අද (20) නාඋල දී මාධ්‍ය හමුවක් පවත්වමින් එල්.සි. ඒකනායක මහතා මෙම අදහස් පළ කළේය.
පසුගිය ද මාධ්‍ය වාර්තාකර තිබු වොලිබෝල් කමිටු සාමාජිකයින් පත්කිරිම් සම්බන්ධයෙන් දක්වා තිබු අදහස් වලට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.
නාඋල - ඉන්දික අරුණ කුමාර