පළාත් සභා මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කළ සියලු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අනිවාර්යයෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ දේශපාලනඥයන් කණ්ඩායමක් මෙලෙස මැතිවරණය මංකොල්ලකෑමට කටයුතු කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් බව කී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
&මේ ආණ්ඩුව ජනතා අයිතිය, ඡන්දය දීමේ අයිතිය, මැතිවරණ හකුළන රජයක් බවට පත්වෙලා. ඔබගේ අයිතිය ජනාධිපතිවරයාගේ හිතුමතේට මංකොල්ලකන්න අපට ඉඩ තබන්න බෑ. මේ රටේ ජනතාව සතු ඡන්ද අයිතිය, පළාත් පාලන මැතිවරණයකට සහභාගි වීමේ අයිතිය අද ජනාධිපතිවරයා විසින් උදුරාගෙන හමාරයි. ජනාධිපතිවරයා ප්‍රමඛ දේශපාලනඥයන් කණ්ඩායමක් සහ නිලධාරීන් කණ්ඩායමක් මැතිවරණය මංකොල්ලකන්න කටයුතු කිරීම දේශද්‍රෝහී, රාජද්‍රෝහී ක්‍රියාවක්. මේ මැතිවරණ මංකොල්ලයට, මේ මැතිවරණ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කර සිටිනවා*යනුවෙන් සඳහන් කළේය