යුරෝපීය ක්රීඩා සමාජයන් අතර පැවැත්වෙන ප්රධානම හා දැවැන්තම පාපන්දු ලීගය වන "චැම්පියන්ස් ලීග්" පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (12දා) ආරම්භ වේ.
තරග ආරම්භ කරමින් පැරිස් සෙන්ට් ජර්මේන් - ඇටලන්ටා තරගය පෘතුගාලයේ ලිස්බන්හිදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් හෙට (13දා) අළුයම 12.30ට මෙම තරගය ආරම්භ වේ.
මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දෙවැනි අර්ධයේ තරග ඉකුත්දා (08දා) අවසන් වූ අතර, ඉන් කණ්ඩායම් 08ක් අර්ධ අවසන් පූර්ව වටයට සිදුසුකම් ලබාගත්තේය. ඒ අනුව ස්පාඤ්ඤයෙන් බාසිලෝනා හා ඇත්ලටිකෝ මැඩ්රිඩ්, ප්රංශයෙන් පැරිස් සෙන්ට් ජර්මේන් හා ලියෝන්, ජර්මනියෙන් බයන් මියුනිච් හා ආර්.බී. ලයිප්සිල් කණ්ඩායම්ද, එංගලන්තයෙන් මැන්චෙස්ටර් සිටි හා ඉතාලියෙන් ඇටලන්ටා යන කණ්ඩායම් මේ වනවිට චැම්පියන්ස් ලීග් ශූරතාවට සුදුසුකම් ලබා සිටියි.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාල සටහන
අද (12දා) ඇටලන්ටා - පැරිස් සෙන්ට් ජර්මෙන්
හෙට (13දා) ආර්.බී. ලයිප්සිල් - ඇට්ලටිකෝ මැඩ්රිඩ්
අගෝ. 14 බාසිලෝනා - බයන් බියුනිච්
අගෝ. 15 මැන්චෙස්ටර් සිටි - ලියෝන්