'අද' ජාතික පුවත්පත හා 'ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය' එක්ව පැවැත්වූ '2018 පාපන්දු ලෝක කුසලානය දිනන්නේ කවුද?' තරගයේ මෙවර පාපන්දු ලෝක කුසලානය 'ප්‍රංශය' දිනාගන්නා බවට නම් කර අප වෙත යොමු කළ කුසපත් අතරින් තෝරාගත් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්රදානය කිරීම ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (16දා) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පාපන්දු සංමයේ සභාපති අනුර ද සිල්වා, එහි ලේකම් ජස්වර් ඔමාර්, තරග කළමනාකරු එම්. අසිෆ් අන්සාර්, විජය පුවත්පත් සමාගමේ සන්නාම හා ප්‍රවර්ධන සහකාර සාමාන්‍යාධිකාරී සුජිත් පතිරත්නැහැ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්රදානය කිරීම සිදු විය.
ඒ අනුව පළමු ස්ථානය දිනාගත් දොම්පේ පදිංචි එච්.ඒ. නිමේෂ්, දෙවැනි ස්ථානය දිනාගත් කෑගල්ලේ එම්.ජී.ආර්. බණ්ඩාර හා තෙවැනි ස්ථානය දිනාගත් මහනුවර ඩබ්.එම්.එන්.වයි.බී. උනත්තැන්න (වෙනුවෙන් අමන්ත බණ්ඩාර) මෙහිදී ත්‍යාග පිරිනැමිණි.
මෙම තරගයේ ත්‍යාග ලෙස පළමු හා දෙවැනි ස්ථාන සඳහා ජර්සියක් හා පාපන්දුව බැගින්ද, තෙවැනි ස්ථානය සඳහා ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් සහ පාපන්දුවක්ද, සෙසු 17 දෙනාට පාපන්දුව බැගින්ද ලබාදීමට පළමුව යෝජනා වී තිබුණි. කෙසේ නමුත් පාපන්දු සම්මේලනයේ අනුග්‍රාහය මත මෙම ත්‍යාග ලබාදීම සංශෝධනය කර පළමු, දෙවැනි හා තෙවැනි යන ත්‍රිත්ව ස්ථානයන්ටම ඔවුන්ට තෝරාගැනීම (රට) අනුව වටිනා ජර්සිය බැගින් ලබාදුන්හ. ඊට අමතරව තිදෙනාටම පාපන්දුව හා මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ නිල ක්‍රීඩා ඇඳුම් කට්ටලය බැගින්ද මෙහිදී ප්රදානය කෙරිණි.
මෙරට පුවත්පත් ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්ෂණයෙන් (Whats app, Viber, imo, facebook, gmail) කුසපත් මගින් ඉහත ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුකෙරිණි. මෙහිදී පළමු ස්ථාන ත්‍රිත්වයට අමතරව ත්‍යාග ලෙස පාපන්දු දිනාගත් සෙසු ජයග්‍රාහකයන්ට ඉදිරියේදී එම පාපන්දු ලබාදීමට 'අද' පුවත්පත කටයුතු යොදා ඇත.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු