පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වාම එම කුසලානය ජයග්‍රහණය කර ඇති කණ්ඩායම් යුරෝපා මහාද්වීපයෙන් හෝ දකුණු ඇමෙරිකා මහාද්වීපයෙන් බිහිවී තිබේ.
මෙවර තරගාවලියේද අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් අට මේ වන විට තේරි ඇති අතර එම කණ්ඩායම් අට දකුණු ඇමෙරිකාවෙන් කණ්ඩායම් දෙකක් හා යුරෝපයෙන් කණ්ඩායම් 6ක් ලෙස සමන්විතය.
බ්‍රසීලය හා උරුගුවේ දකුණු ඇමෙරිකා මහාද්වීපයෙන්ද ස්වීඩනය, සත්කාරක රුසියාව, එංගලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ක්‍රොඒෂියාව හා එංගලන්තය යුරොපයෙන් තේරී තිබේ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග අනිද්දා (06 දා) ආරම්භ වීමට නියමිතය
අර්ධ අවසන් පූර්ව වටයේ තරග
ජුලි 06දා
උරුගුවේ හා ප්‍රංශය/ බ්‍රසීලය හා බෙල්ජියම
ජුලි 07 දා
ස්වීඩනය හා එංගලන්තය / රුසියාව හා ක්‍රොඒෂියාව