ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනිමට ක්‍රොයේෂියාව සමත් විය. ඒ් වෙනුවෙන් පැවති තරගයේදී මොරොක්කෝව පරදා ගෝල 2-1 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ක්‍රොයේෂියාව සමවිය. මෙම තරගය කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
තරගය ආරම්භයෙන් 7 වැනි මිනිත්තුවේදීම ක්‍රියාත්මක වූ ක්‍රොයේෂියානු පසුපෙළ ක්‍රීඩක ජොස්කෝ ග්වාඩියෝල් පළමු ගෝලය ක්‍රොයේෂියාවට වාර්තා කර දුන්නේය.
නමුත් ඉන් මිනිත්තු 2 ක් ගතවද්දීම සිය පීඩනය පාලනය කරගත් මොරොක්කෝ ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කලේ පසුපෙළ ක්‍රීඩක අෂ්රෆ් ඩාරිගේ දක්ෂ ස්ථානගතවීම ආධාරකරගෙනයි.
නමුත් 42 වැනි මිනිත්තුවේදී ක්‍රොයේෂියානු මැදපෙළ ක්‍රීඩක මිස්ලාව් ඔර්සිච් සාර්ථක ලෙස ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ නැවතත් ක්‍රොයේෂියාවට ගෙන ගියේය.
දෙවැනි අර්ධයේ ක්‍රොයේෂියානු දැල ආක්‍රමණය කිරීමට මොරොක්කෝව කොතෙකුත් උත්සාහ කළද ඒය ප්‍රමාණවත් නොවීය.
ක්‍රොයේෂියාව පාපන්දු ලෝක කුසලානයක තෙවැනි ස්ථානය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර 1998 වර්ෂයේ ප්‍රංශයේ පැවති තරගාවලියේදීද ඔවුන් තෙවැන ස්ථානය දිනා ගත්තේ ඒ වෙනුවෙන් පැවති තරගයේදී නෙදර්ලන්තය ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමිනි.
කෙසේ වෙතත් සිව්වැනි ස්ථානය දිනා ගත් මොරොක්කෝව , අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලානයේදී පැමිණි ඉහළම ගමන් මග සනිටුහන් කිරීම විශේෂත්වයකි. මීට අප්‍රිකානු කණ්ඩායමක් ලෝක කුසලානයේදී පැමිණි ඉහළම ගමන් මාර්ගය වූයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පමණි.