පළමු වටයේ පැවැති තරග වලදී කාණ්ඩ අටෙන් පළමු ස්ථාන හා දෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් 16 මේ වන විට අවසන් 16 දෙනාගේ වටයට පිවිසිමට සමත්ව ඇත.
අවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.
අවසන් 16 දෙනාගේ වටයේදී පරාජය වන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත්වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.
අවසන් 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු කණ්ඩායම වන ජපානය ජුලි 02 දා බෙල්ජියමට එරෙහිව තරග වැදීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජුලි 6 දා ආරම්භවීමට නියමිතය
ජුනි 30 දා
ප්‍රංශය හා ආජන්ටිනාව
උරුගුවේ හා පෘතුගාලය
ජුලි 01 දා
ස්පාඤ්ඤයහා රුසියාව
ක්‍රොඒෂියාව හා ඩෙන්මාර්ගය
ජුලි 02 දා
බ්‍රසීලය හා මෙක්සිකෝව
බෙල්ජියම හා ජපානය
ජුලි 03 දා
ස්වීඩනය හා ස්විට්සර්ලන්තය
කොලොම්බියාව හා එංගලන්තය