එළඹෙන පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය ගැටළුවක් වන බව කටාර් හි පාපන්දු ලෝක කුසලානයේ සන්නාම තානාපති කලිඩ් සල්මාන් පවසයි. ජර්මානු රූපවාහිනියකට අදහස් දක්වමින් හෙතෙම සමලිංගිකත්වය මනසට හානිකරන කාරණයක් බව දන්වා ඇත.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ මෙවර ලෝක කුසලානයට කටාර් රාජ්‍යය වෙත ලොව විවිධ දෙසින්, විවිධ සංස්කෘතීන් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධාන නියෝජනය කරමින් පැමිණෙන පුද්ගලයින් පිළිබඳ අදහස් දක්වමිනි.
කෙසේ වෙතත් ඔවුන් සියළුදෙනාම කටාර් රාජ්‍යෙය් නීතියට අනුගත විය යුතු බව මෙහිදී කලීඩ් පවසා ඇත. මුස්ලිම් රාජ්‍යයක් වන කටාර් හි සමලිංගිකත්වය යනු හරාම් (තහනම්) ක්‍රියාවක් වන අතර ඒ සඳහා දඩුවම් පැමිණවීමද සිදුකරයි.