ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට පාකිස්ථානය සමත්විය. ඒ තරගාවලියේ අපරාජිත දකුණු අප්‍රිකාව පරදා ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 43 ක ජයක් හිමිකර ගනිමිනි.
සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 9කට ලකුනු 185 ක් රැස් කලේය. එහිදී ෂදාබ් ඛාන් ලකුනු 52 ක්ද ඉෆ්තිකාර් අහ්මඩ් ලකුනු 51 ක්ද රැස් කලේය. අන්රික් නොකියා එහිදී කඩුළු 4 ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුනු අප්‍රිකානු ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් පන්දුවාර 14 කදී ලකුනු 142 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඔවුන්ට පන්දුවාර 14 කදී කඩුළු 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 108 ක් පමණි. තරගයේ වීරයා සම්මානය ෂදාබ් ඛාන් විසින් හිමිකර ගත්තේය.