සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව අද (21දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකු වන නසීම් ෂා ක්‍රීඩා කරයි. විශේෂත්වය වන්නේ ෂා තවමත් 16 හැවිරිදි ක්‍රීඩකයෙකු වීමයි. 2003 වර්ෂයේදී උපත ලබා ඇති නසීම් ටෙස්ට් පිටියට පැමිණෙන විට වයස අවුරුදු 16 දින 279 කි. ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත් ලාබාලම ක්‍රීඩකයාද විය. එමෙන්ම ලොව අන්තර්ජාතික වරම් දිනා ගත් ලාබාලම ක්‍රීඩකයන් අතරින් 9 වැනි ස්ථානයද ඔහුට හිමිවේ. දකුණතින් වේග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට සිය සේවය සපයන නසීම් තවමත් ක්‍රීඩා කොට ඇත්තේ පළමු පෙළ තරග 7 කට පමණි. පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදුන් මෙම තරගයේදි නසීම් ලකුණු 7 ක් රැස් කලේය.
පාකිස්ථානු පුහුණුකරු වකාර් යුනිස් (වමේ) විසින් නසීම්ට කණ්ඩායමේ නිළ හිස්වැස්ම පළඳවමින්