ආසියානු කුසලාන තරගාවලියේ ශ්රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6 ලකුණු 170ක් රැස්කිරීමට සමත්විය.
ශ්රී ලංකා ඉනිම පන්දුවාර 8.5කදී කඩුලු 5කට ලකුණු 58ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක සිටියේය. කෙසේ වෙතත් ඉන් අනතුරුව භානුක රාජපක්ෂ (71) හා වනිඳු හසරංග (36) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්රී ලංකාව ලකුණු 116ක් දක්වා රැගෙන ආවේ පන්දුවාර 14.5ක් වන විටය.
වනිඳුගේ දැවී යාමෙන් පසුව නැවතත් චාමික කරුණාරත්න (14) හා එක්වූ භානුක රාජපක්ෂ වේගයෙන් ලකුණු රැස් කරමින් පන්දුවාර 5.1කදී ශ්රී ලංකා ඉනිමට ලකුනු 54ක් එක්කිරීමට සමත්විය.
භානුක රාජපක්ෂගේ ලකුනු 71 පන්දු 45කදී වාර්තා වූ අතර එයට හයේ පහර තුනක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.