තරග තුනකින් සමන්විත එංගලන්ත - පාකිස්තාන විස්සයි20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම සමව අවසන් විය. ඒ දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් තරගයෙන් පාකිස්තනාය ලකුණු පහකින් ජය ගැනීමත් සමගිි.
තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් අත්හැර දැමුණි. දෙවැනි තරගය එංගලන්තය ජයගත් අතර තෙවැනි තරගය පාකිස්තානය ජයගත්තේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත සංචාරය පැවැත්වුණි.
තෙවැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 190/4ක ලබාගත් අතර එංගන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 185/8ක් පමණි. තරගයේ වීරයා ලෙස මොහොමඩ් හෆීස් සම්මාන ලැබීය.