එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
19 හැවිරිදි පිතිකරු හයිඩර් අලි, වේග පන්දු යවන ක්රීඩක හරිස් රවුෆ් (26) සහ දඟ පන්දු යවන ක්රීඩක ෂඩාබ් ඛාන් (21) යන තිදෙදෙනාටම රෝග ලක්ෂණ පැවැති අතර පසුව කළ පරීක්ෂණවලදී ඔවුන් ධනාත්මක බව තහවුරු වී තිබේ.
අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ටෙස්ට් තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 3 ක් සඳහා පාකිස්තානය ජුනි 28 වනදා එංගලන්තයට බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
ඔවුන් තිදෙනා සංචිතයෙන් ඉවත් කරන්නේද යන්න තහවුරු කර නොමැති නමුත් ඔවුන්ට ස්වයං හුදකලා වීමට පවසා ඇත.