ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 344ක් රැස් කළේය.
පැතුම් නිශ්ශංක 51, කුසල් මෙන්ඩිස් 122 හා සදීර සමරවික්රම 108 ලකුණු රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළේය. කුසල් මෙන්ඩිස් ශ්රී ලංකා ඉනිම ලකුණු 218 ක් වන විට දැවී ගිය අතර ඒ වන විට ශ්රී ලංකා ඉනිමේ අවසන්ව තිබුණේ පන්දුවාර 28.5ක් පමණි.
කෙසේ වෙතත් ඉතිරි පන්දුවාර 21.1දී ශ්රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 116ක් පමණි. ඒ අනුව තරගයේ අවසන් භාගයේදී පාකිස්තානු පන්දු යවන්නෝ තරගයේ පාලනය තමන් යටතට ගැනීමට සමත්වීම කැපී පෙනුනි.