පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (31දා) නොටින්හැම්හි පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් ඇරයුමෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 21.4කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 105ක් පමණි.
ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කළ බාබර් අසාම් ලකුණු 22ක් වාර්තා කළේය. නායක ජේසන් හෝල්ඩර් 42/3 හා ඕ. තෝමස් 27/4 ලෙස කඩලු බිඳ හෙළිය.
ලකුණු 106ක පහසු ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවෝ පන්දුවාර 13.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 108ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.
ක්‍රිස් ගේල් ලකුණු 50 (පන්දු 34, හයේ පහර 3, හතරේ පහර 6) රැස්කළේය.
තරගයේ වීරයා ලෙස ඕ. තෝමස් සම්මාන ලැබීය.