ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ ප්රිමියර් ලිග එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්රීඩා සමාජය (SSC) සමත්වූයේය.
ඒ අවසන් මහ තරගයේදී කොළඹ ක්රිකට් සමාජය කඩුලු හතකින් පරාජයට පත්කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ ක්රිඩා සමාජය කඩුලු 8ට ලකුනු 250ක් රැස්කළේය.
එම ඉලක්කය පන්දුවා 44.2කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 254ක් රැස්කරමින් පසුකර යෑමට SSC ක්රීඩකයෝ සමත්වූහ.
එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක (116) හා සඳුන් වීරක්කොඩි (101) ආරම්භ කඩුල්ලට පන්දුවාර 35.4කදී ලකුණු 212ක සබඳතාවක් ගොඩනැගූහ.