පළමු වන දකුණු ඉන්දීය ප්රවීනයන්ගේ විවෘත මළළ ක්රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලාංකික ප්රවීනයන්ගේ මළළ ක්රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන 12/17 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
එහිදී ශ්රී ලාංකික ප්රවීණයන්ගේ මළළ ක්රීඩා කණ්ඩායම රන් පදක්කම් 84 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා ගැනීමට සමත් වූ බව මෙම තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා ප්රවීණයන්ගේ මළළ ක්රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .
මෙම තරගාවලිය තුළ ශ්රී ලාංකික ප්රවීනයන්ගේ මළළ ක්රීඩා කණ්ඩායම වැඩි වශයෙන් ධාවන සහ කඩුලු පැන දිවීමේ ඉසව් වලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ බව තිස්ස සමරසිංහ මහතා පැවසීය .
මෙම ජයග්රහණය ශ්රී ලාංකික ඉතිහාසයේ ප්රවීනයන්ගේ කණ්ඩායමක් අත් කර ගත් විශිෂ්ඨතම ජයග්රහණය බැව් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .
තරගාවලිය ඉන්දියාවේ කර්නාටක ප්රාන්තයේ උඩුපි හීදී ඉකුත් 12/09 සහ 12/10 දින වලදී පවත්වා තිබුණි .