පේ්රු 0 - ප්‍රංශය 1
රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'සී' කාණ්ඩය යටතේ ඊයේ (21දා) රාත්‍රියේ පැවැති තරගයකින් පේරු පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය. මෙම ජයත් සමග මෙම කාණ්ඩයෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වීමට ප්‍රංශයට අවස්ථාව උදාවිය.
තරගයේ වාර්තා වූ එකම ගෝලය 34 වැනි මිනිත්තුවේදී කිලියන් එම්බපේ වාර්තා කළේය.19 හැවිරිදි එම්බපේගේ පළමු ලෝක කුසලාන ගෝලය මෙය වන අතර, ලෝක කුසලාන තරගාවලියකදී ගෝලයක් වාර්තාකළ ළාබාලතම ප්‍රංශ ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්විය.පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ප්‍රංශය හා පේරු මුහුණදුන් පළමු තරගයද මෙයයි.
ඩෙන්මාර්කය 1 - 1ඔස්ට්‍රේලියාව
මේ අතර ඩෙන්මාර්කය හා ඔස්ට්‍රේලියාව ඊයේ (21දා) සන්ධ්‍යාවේ පැවැති තරගයේදී කණ්ඩායම් දෙකම ගෝල 1-1 බැගින් වාර්තා කිරීම හේතුවෙන් එම තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.
සමාරාහි කොස්මොස් එරීනා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ 07 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ක්‍රිස්ටියන් එරික්සන් පළමු ගෝලය ඩෙන්මාර්කය වෙනුවෙන් වාර්තා කිරීමට සමත් විය. කෙසේ නමුත් තරගයේ 38 වැනි මිනිත්තුවේදී ලද දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගත් ඔස්ට්‍රේලියාවේ මිල් ජෙඩිනක් නැවත වරක් තරගය කණ්ඩායම් දෙකටම විවෘත කළේය. ඉන් අනතුරුව කිසිදු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකිවීමෙන් ඉදිරියේ තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයට පිවිසෙන විට ඩෙන්මාර්කය ලෝක පාපන්දු ශ්‍රේණගත කිරීමේ 12 වැනි ස්ථානයේ පසු වූ අතර, ඔස්ට්‍රේලියාව එහි සිටියේ 36 වැනි ස්ථානයේය.