කෝවිඩ්19 වෛරසයේ බලපෑම හේතුවෙන් අතරමග නවතා දැමූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සෞඛ්‍ය උපදෙස් අනුව ආරම්භ කිරීමට ඊයේ (28දා) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය වූ බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම විශේෂ මහා සභා රැස්වීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු අතර, මෙම රැස්වීමේදී ඉදිරිපත් වූ සියලු කරුණුවලට එකඟතාව හිමිවූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
තරගාවලියේදී සුපිරි අට දෙනාගේ තරග සිවුදින තරග ලෙස නොව තෙදින තරග ලෙස පැවැත්වීමට මෙහිදී තීරණය කළ බවද වාර්තා වේ. එමෙන්ම බී කාණ්ඩයේ තරගාවලියේදී උසස්වීම් සහ පහළ දැමීම් නොමැති නිසා එම තරගාවලියට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා සමාජ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බොහෝදුරට %බී^ කාණ්ඩයේ තරගාවලිය මෙවර නොපැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවද දැනගන්නට ලැබේ.
මුළු දිවයිනම ආවරණය වන පරිදි මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාව වනවිට තරගාවලියේ පළමු වටයේ සියලු තරග අවසන් කර සුපිරි අට තරගාවලිය සහ පළඟ තරගාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණි.