විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්රි ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු අප්රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබිය.
තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සිමා කිරිමට දකුණු අප්රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදි ඇන්රි් නොට්ජේ පන්දුවාර 4කදි ලකුණු 7ට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් රැස් කළේය.
ලකුණු 78ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්රිකානුවන් පන්දුවාර 16.2කදී කඩුලු 4ක් දැවි ඉලක්කය පසුකර ගියේය.
නායක වනිඳු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේය.