සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 2කින් පරාජයට පත්කරමින් දෙරට අතර පල්ලෙකැලේ පිටියේ පැවැති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 7ට ලකුණු 300ක් රැස්කළේය.
තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ඩක්වරත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 44කදී ජයග්‍රහනය සදහා ලකුණු 282ක ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය පන්දුවාර 42.3දී පසුකර යාමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
ශ්‍රි ලංකා කණ්ඩායමට වැසි වාසි තිබූ තරගය නැවතත් ඔස්ට්‍රේලියාව දෙසට ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්වූයේ පන්දු 51 කදී වේගවත් ලකුණු 80 රැස්කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.