ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඩර්හැම්හි චෙස්ටර් ලී ස්ට්රීට්හි පැවැති තරගයේ දී ශ්රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක වූ අතර, පන්දු රැකීමේ දී සිදු වූ යම් යම් දුර්වලතා ද තරගය පරාජය වීමට හේතඅ විය.
ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ එංගලන්තය තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ ගත්තේ තරග 1-0ක් ලෙසයි.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 42.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එංගලන්තය ජයග්රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 34.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදීය.
ශ්රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්රබල අභියෝගයක් එංගලන්ත පිතිකරුවන්ට එල්ල වූ අතර, එහි ප්රතිපලය වූයේ එංගලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 80කට දැවී යාමයි. ඉන් අනතුරුව පිටියේ එක් වූ ජෝ රූට් සහ මොයින් අලී එංගලන්ත කණ්ඩායම ජයග්රාහී මාවතකට යොමු කළා.