ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයෙන් අනතුරුව දකුණු අප්රිකා දඟ පන්දු යවන ක්රීඩක ටබ්රායිස් ශම්සි නැවතත් දකුණු අප්රිකාව බලා පිටත්ව ගොස් තිබේ.
පෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර නැවතත් ශ්රී ලංකාවට පැමිණෙන දිනයක් මේ දක්වා ප්රකාශ වී නොමැත.
පළමු ටෙස්ට් තරගයේදි දකුණු අප්රිකාව ලකුණු 278ක දැවැන්ත පරාජයක් ලැබූ අතර එම තරගයේදී ශම්සි කඩුලු හතරක් දවා ගැනීමට සමත්විය.
යම් හෙයකින් ඔහු ශ්රී ලංකාවට පැමිණීම ප්රමාද වුවහොත් කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ශොන් වොන් බෙර්ග්ට ටෙස්ට් වරම් හිමිවෙනු ඇතැයි සඳහන්ය.