ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා ඇති පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් වන නීතිවල අඬුලුහුඩුකම් බෙහෙවින් නිරීක්ෂණය වන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත වරක් ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර නිශ්චිත වූත්, පරිපුර්ණ වූත් ක්‍රියාමාර්ග මාලා සහ වැරදි නිර්වචනය කරමින් එම ක්ෂේත්රය වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි.
එසේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ වරදකරුවන් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය ගත් තීරණය පිළිබඳ තමන් සිත් තැවුලට පත්වන බවත් ඔහු පවසයි.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රීඩාවේ ජීවගුණයට හානිකිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණය වෙනුවෙන් එකී ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් සියලු දෙනා අදාළ චෝදනා සඳහා නිවැරදිකරුවන් බවට කරුණු දැක්වීමට අප විසින් ගනු ලැබූ සියලු ප්රයත්නයන් ව්‍යර්ථ වී ඔවුන් සියලු දෙනාම විමර්ශනය සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගරු අධිකරණය කොමසාරිස්වරයා විසින් වැරදිකරුවන් බවට පත්කිරීමට තීරණය කිරීම පිළිබඳ මා මහත් සිත් තැවුලට පත් විය.”