පන්දුව ඔප දැමීම වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති සම්පාදනයට තමන් අකමැති බව ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ග්ස් පවසා සිටී. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ එය වේග පන්දුයවන්නෙකුට අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
කෝවිඩ් -19 වෛරසය ඛේටය මගින් පැතිරී යාමට ඉඩක් ඇති හෙයින් ක්‍රිකට් ක්‍රීඩාවේදී ඛේටය භාවිත කොට පන්දුව ඔප දැමීම තහනම් කිරීම සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවිය. ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන පැට් කමින්ග්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ පන්දුව ඔප දැමීම වෙනුවෙන් වෙනත් ක්‍රමයක් සොයාගත යුතු බවයි. මේ අතර පසුගියදා කොකබුරා සමාගම මගින් පන්දුව ඔප දැමීම සඳහා විශේෂ රෙදි කැබැල්ලක්ද නිර්මාණය කළ අතර, ඉදිරියේදී ඔවුන් මේ සඳහා අයි.සී.සී. අනුමැතිය ලබා ගැනීමටද බලාපොරොත්තු වේ.