තියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්වූහ. ඒ් අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ්‍රසීලය පරදා දඩුවම් පහර 4-2 ක ජයක් හිමිකර ගනිමිනි.
මෙම තරගය අල්-රයන් හි ඒඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ නියමිත කාළය අවසන් වන විට කිසිදු කණ්ඩායමක් ගෝල රැස් කිරීමට අසමත්විය.
ඒ් අනුව තරගයේ ජයග්‍රාහකයින් තෝරාගැනීමට අතිරේක කාළයක් ලබාදීමට සංවිධායකයින් පියවර ගත්හ. එහිදී අතිර්ක කාළයේ පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර බ්‍රසීල ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර් අලංකාර අයුරින් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූයේ තරගයේ ජයග්‍රහණය බ්‍රසීලයට විවර කරදෙමිනි.
මේ සමගින් නේමාර් බ්‍රසීලය වෙනුවෙන් වාර්තා කළ ගෝල සංඛ්‍යාව 77 දක්වා ඉදිරියට පැමිණි අතර ඒ් අනුව බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝලසංඛ්යාවක් රැස් කරමින් 1971 වර්ෂයේදී සුපිරි ක්‍රීඩක පේලේ තබාතිබූ වාර්තාව බිඳ හෙලීමට නේමාර් සමත්විය.
නමුත් එය තවදුරටත් සිහිනයක් බවට පත් කළ ක්‍රොයේෂියා අතිරේක ඉදිරිපෙළ ක්‍රීඩක බෘනෝ පෙට්කොවිච් තරගයේ අතිරේක කාළය අවසන් වීමට මිනිත්තු 3 ක් ඉතිරිව තිබියදී ක්‍රොයේෂියාවට ගෝලයක් වාර්තාකර දුන්නේය. මේ අනුව අතිරේක කාළය නිමාවූයේ ගෝල 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයට පත්වෙමිනි.
ඒ් අනුව තරගයේ ජයග්‍රාහකයින් දඩුවම් පහර මගින් තෝරා ගැනීමට වීනිසුරුවන් ක්රීයා කළ අතර එහිදී දඩුවම් පහර 4-2 ක් ලෙස ක්‍රොයේෂියාව ජය ගත්තේය. ක්‍රොයේෂියාව පසුගියවර (2018) අනුශුරයින්ද වේ.