බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි තරුව වන නේමාර්ට ලෝක කුසලානයේ බ්රසිල කණ්ඩායම සහභාගි වන මූලික වටයේ තරග සියල්ල අහිමිවන අවධානමක් මතුවී ඇත.
ඒ් සර්බියාව සමගින් පැවැති පළමු තරගයේදී ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔහුගේ පාදයේ වළලුකර බන්ධනී ආබාධයකට ලක්වී ඇති අතර ඒ් හේතුවෙන් අනිද්දා (28දා) ස්විට්සර්ලන්තය සමගින් පැවැත්වෙන තරගය ඔහුට අනිවාර්යයෙන්ම අහිමිවනු ඇත.
එමෙන්ම ඒළඹෙන දෙසැම්බර් 03 වැනිදා කැමරූන් සමගින් පැවැත්වෙන තරගයද ඔහුට අහිමිවීමට බොහෝ ඉඩක් ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙලි වී ඇත.
මේ අතර ස්විට්සර්ලන්තය සමගින් පැවැත්වෙන තරගයේදී නේමාර් වෙනුවට ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන ඉදිරිපෙළ ක්‍රීඩක රොඩ්රිගෝ කණ්ඩායමට කැඳවීමට බෙහෝ ඉඩකඩක් ඇති බව වාර්තා වේ.
මීට පෙර 2014 වර්ෂයේදී බ්‍රසීලයේ පැවති පාපන්දු ලෝක කුසලානයද නේමාර්ට අහිමිවී ගියේ අර්ධ අවසන් පූර්ව වටයේ කොලොම්බියාව සමගින් තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. කෙසේ වෙතත් ඒහි අවසන් පූර්වතරගයේදී බ්‍රසීලය, ජර්මනිය හමුවේ ගෝල 7-1 ක දැවැන්ත පරාජයක් ලැබිය.