ප්රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (පී.එස්.ජී.) පාපන්දු කණ්ඩායමේ ප්රබලයෙකු වන නේමාර් නැවතත් ඔහු ක්රීඩා කළ ස්පාඤ්ඤ බාසිලෝනා කණ්ඩායම හා එක්වනු ඇති බවට වාර්තා පළ වූවත්, 'කෝවිඩ්-19' අර්බුදයත් සමග ඇති වූ ආර්ථික කඩාවැටීම හේතුවෙන් එය තවදුරටත් ප්රමාද වනු ඇති බව වාර්තා වේ.
බාසිලෝනා ක්රීඩා සමාජයේ සභාපති ජොසප් මාරියා බාර්ටෝමියු පසුගියදා ස්පාඤ්ඤ පුවත්පතකට පවසා ඇත්තේ, 'කෝවිඩ්-19' අර්බුදය හේතුවෙන් පසුගිය මාර්තු සිට ජුනි දක්වා කාලය තුළ බාසිලෝනා ක්රීඩා සමාජයට බලාපොරොත්තු වූ
ප්රමාණයට වඩා යුරෝ මිලියන 200ක පමණ ආදායකමක් අහිමි වූ බවයි.
&යුරෝපයේ දැවැන්තම ක්රීඩා සමාජ සියල්ලම දැඩි කඩාවැටීමකට ලක්වෙලා තිබෙන්නේ. මෙය වසරකින් ඉවරවෙන්නේ නැහැ, තව අවුරුදු තුනක් හෝ හතරක් බලපායි. මේ තත්ත්වය තුළ නේමාර් ලබාගැනීම කළ නොහැක්කක්. ඒ වගේම පී.එස්.ජී. ඔහුව ලබාදීමට කැමත්තකුත් නැහැ* යනුවෙන් බාසිලෝනා සභාපති පවසයි.
ඒ අනුව මෙම ආර්ථික කඩාවැටීම තුළ බාසිලෝනා කණ්ඩායමට පැරිස් සෙන්ට් ජර්මේන් සිට නේමාර් නැවත ලබාගැනීමට නොහැකි බව බාර්ටෝමියු සඳහන් කළේය.
බ්රසීල ජාතික නේමාර් පසුගිය 2017 වසරේ අගෝස්තු මාසයේදී යුරෝ 222ක (ඇ.ඩො. මිලියන 199) වටිනාකමක් සඳහා බාසිලෝනා අතහැර පැරිස් සෙන්ට් ජර්මෙන් හා සම්බන්ධ විය. එය පාපන්දු ක්රීඩකයෙකු එතෙක් මෙතෙක් හුවමාරු වූ දැවැන්තම මුදල ලෙස සැලකෙයි.