ගාල්ල ටයිටන්ස් කණ්ඩායම ලකුනු 89කින් පරාජය කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත්විය.
ලංකා ප්රිමියර් ලීග තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්විණ.
මුලින්ම පන්දුවට පහරදුන් බී ලව් කණ්ඩායම නියමිත පන්දුවා 20 තුළදී කඩුලු පහට ලකුණු 203ක් රැස් කළේය. වේගවත් ඉනිමක් ක්රීඩා කළ නායක වනිඳු හසරංග පන්දු 27කදී ලකුණු 64ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගාලු කණ්ඩායමට රැස් කළ හැකිවූයේ ලකුණු 114ක් පමණි. පන්දු යැවීමෙන් වනිඳු හසරංග ලකුණු 17ට කඩුලු 4ක් දවා ගත්තේය.