සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ඉන්දීයාව ජයගතහොත් තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ඔවුන් වෙත හිමිවෙනු ඇත.
ශ්රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමගින් අද තරගයට ක්රීඩා කරයි. ඒ් ආබාධවලට ලක්ව ඇති පතුමන් නිස්සංක හා ඩිල්ෂාන් මධුශංක වෙනුවට නුවනිදු ප්රනාන්දු හා ළහිරු කුමාර කණ්ඩායමට කැඳවමින්.
ඉන්දීය කණ්ඩායමේ චහාල්ද ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහු වෙනුවට කුල්දීප් යාදව් කණ්ඩායමට කැඳවා තිබේ.