නිළධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමට යොදාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශුරතාවලියේ ජය සංඛේත ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
“ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලි, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි හරහා අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රටට ගෞරවයක් ගෙන ඒමට අද හැකි වී තිබෙනවා. ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු කරන ලෙස අපි සෑම සංගමයකින්ම ඉල්ලා සිටිනවා. අපි හැකි උපරිමෙන් ක්‍රීඩාව වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට එකගයි.”