නවසීලන්තය සමගින් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්රීඩක නිෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට කටයුතු කර තිබේ. ඒ් පළමු තරගයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවටය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට නවසිලන්තයට ආරාධනා කළේය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර නවසීලන්තය පන්දුවාර 47.2කදී කඩුලු දෙකකට ලකුණු 155ක් රැස්කරගෙන සිටියි.