සංචාරක ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (28දා) බංග්ලාදේශයේ ඩකා හිදී පැවැත්වේ.
මේ දක්වා පැවැති තරග 2කම ජයගත් බංග්ලාදේශ කණ්ඩායම 2-0ක් ලෙසින් තරගාවලියේ ශූරතාවය ද හිමිකරගෙන අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශ කණ්ඩායමක් හමුවේ එක්දින තරගාවලියක් පරාජයට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරටවීමද විශේෂත්වයකි. සංචාරක තරැණ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවස්ථාව වනවිට නැතිවන්නට දෙයක් නොමැත. කරන්නට සිදුව ඇත්තේ කෙසේ හෝ ජයග්‍රාහී මාවතට ප්‍රවිශ්ටවීමටය.
දෙවැනි එක්දින තරගයට පෙර අප සඳහන් කර සිටියේ අකිල ධනංජයට අවස්ථාවක් හිමිවනු ඇති බවය. එහෙත් ඔහුට ද දෙවැනි තරගයේ දී අවස්ථාවක් හිමිනොවුණි. හෙට පැවැත්වෙන දෙවැනි තරගයේ දී ද, මෙම සටහන තබන මොහොතවන විටත් කණ්ඩායමේ වෙනසක් සිදුවන බවක් පෙනෙන්නට නැත. බොහෝ දුරට පළමුවැනි සහ දෙවැනි තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමම තෙවැනි තරගයට ද ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතී. ඒ කෙසේ වෙතත් කණ්ඩායමේ ස්ථානයක් හෝ දෙකක් වෙනස්වීමට අවස්ථාවක් නැතිවාම නොවේ.
පළමු තරගයේ දී සහ දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සිය වගකීම නිසි අයුරින් ඉටුකළේය. විශේෂයෙන් බංග්ලාදේශ ඉණිමේ පන්දුවාර 25ක් 30ක් පමණ යනතුරැ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියෙන් සිටියේය. එහෙත් ඉන් අනතුරැව බංග්ලාදේශ පිතිකරැවන් තරග දෙකම සිය ග්රහනයට නතුකර ගත්තේය. එම අවස්ථා දෙකතුළදීම බංග්ලාදේශ පිල වෙනුවෙන් ඉදිරියට පැමිණියේ මුස්ෆිකර් රහීම්ය. ඔහු 2018න් පසුව ශ්‍රී ලංකා පන්දු යවනනන් ඉදිරියේ අතිසාර්ථකත්වයක් ලබා ඇති පිතිකරැවෙකි. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2018 වර්ෂයේ සිට ඔහුගේ ඉණිමක ලකුණු රුස් කිරීමේ සාමාන්‍ය අගය ලකුණු 70කට වඩා ඉහළ අගයක ගැනීමෙන් එය මනා ලෙස පැහැදිලිවේ.
මුස්ෆිකර්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අතිසාර්ථකත්වයක් ලබාසිටින මෙවැනි අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශකීබ් අල් හසන් හෝ නායක තමින් ඉක්බාල් ලකුණු අතරට ප්රවිශ්ට වුවහොත් නියත වශයෙන්ම ලකුණු 300 ඉලක්කය පසුකර යනු ඇත. එහෙයින් එයට මුහුනදීමට ශ්‍රී ලංකා පිතිකරැවන් සුදානමින් සිටිය යුතුය.