ශ්‍රි ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
එම අතුරු නියෝගය ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන බවද අදාළ නියෝගයේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්.රිස්ලි ඉල්යාස් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා 2019 වසරේ දී ශ්‍රී ලංකා රග්බි සංගමයට උපදෙස් දුන් බව පෙත්සමෙහි සදහන්ව තිබේ.