ලෝක සත් සාමාජික රග්බි ශූරතා දෙකක් පිට පිට අවස්ථා දෙකකදී ජයග්‍රහණය කළ ලොව එකම කණ්ඩායම ලෙස නවසීලන්තය වාර්තා අතරට එක්විය. ඒ සැන් ෆ්රැන්සිස්කේහි පැවැති ලෝක සත්සාමාජික ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයේදී එංගලන්ත කණ්ඩායම 33-12ක් ලෙස පරාජයට පත්කරමිනි.
මෙහි කාන්තා ශූරතාවලියද හිමිකර ගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත්වූයේ ප්‍රංශ කණ්ඩායම පරාජය කරමිනි.
කණ්ඩායම් දෙකම තම ජය සැමරීම අලංකාර හකා නර්තනයකින් විචිත්‍ර කළේය. නවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසින් තරගාවලියට එක්විය. ඒ ෆිජී හා දකුණු අප්‍රිකාවට පසුපසිනි.
ඔවුන් රුසියාව (29-5), ප්‍රංශය (12-7) හා ෆිජී (17-22) ක් ලෙස පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.