ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් අවසන් මහ තරගයට පිවිසීම වෙනුවෙන් ශ්රී ලංකාවට තිබූ බලාරොත්තුද ඈත්ව ගියේය.
තරගයේ ජයග්රහණය වෙනුවෙන් අවසන් පන්දුවාරයේදී ලකුණු 7ක් රැස්කළ යුතුව තිබුණ අතර කේන් විලියම්සන් එල්ල කළ හතරේ පහර හේතුවෙන් ඔවුන්ට එම ලකුණු ප්රමාණය රැස් කර ගැනීමට හැකිවිය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 355ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්තය ලකුනු 373ක් රැස්කළේය. ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු 302ක් රැස්කළ අතර ඒ අනුව නවසීලන්තයට ජයග්රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හිමිවිය.
එම ඉලක්කය කඩුලු 8ක් වැයකර පසුකර යාමට නවසීලන්තය සමත්වූ අතර කේන් විලියම්සන් නොදැවී ලකුණු 121ක් රැස්කරමින් නවසීලන්තයට තරගයේ ජයග්රහණය ගෙන දුන්නේය.