නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්රිකට් තරගායලියට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.
එහිදී තරගාවලි පරාජය ගැන නායක චරිත් අසලංක සහ ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස අදහස් දක්වා සිටියහ.
නායක චරිත් අසලංක - මම හිතන්නේ බලාපොරොත්තු වුණු විදියට කරගන්න ලැබුණේ නෑ. අපි තරගාවලියකට යන්නේ ජයග්රහණය බලාපොරොත්තුවෙන්. කලින්ට වැඩිය ටීම් එක ගොඩක් වෙනස්. අපි මැද්දේ ගහන්නේ. දිනන පරදින එක වෙන්න පුළුවන්. ඒත් අපි ඒකේ දෙපැත්තම භාර ගන්න ඕනී. එයාලා මෙහේ ආවම දඟ කැවෙන තණතිරු වල ක්රීඩා කළේ. අපිට එහේ ගියාම ෆේස් විකට් හම්බෙනවා. අපි ඒකට හැඩගැහෙන්න ඕනී. ක්රීඩකයන් වශයෙන් අපිට කරන්න පුළුවන් දේ ඒක තමයි. අන්තිම තරගාවලි සියල්ලම ජයග්රහණය කරලා, කලින් කරපු නැති දේවල් ලංකාව ඇතුලෙත් කරලා ගියේ.
ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය - විස්සයි 20 තරගාවලිය නම් පරාජය වුණු එක ඇත්තටම කණගාටුයි. පන්දුවාර 50 තරගාවලියේ අවසාන තරගය ඉතාමත් හොඳට ක්රීඩා කළා. මේ වැරදි අඩුපාඩු ඉස්සරහට අපිට වෙන්න බෑ. ඒක අපි පුළුවන්තරම් අඩු කරගෙන රටින් පිට යනකොට අපි ඒක බලන්න ඕනී.