සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙ තෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 20ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක සිටියි.
ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුලු හතක් අතැතිව තවත් ලකුණු 276ක් පසුපසින් සිටියි.
සිය පළමු ඉනිමට ශ්රී ලංකාව රැස්කළ ලකුණු 282ට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 578ක් රැස්කිරිමට සමත්විය. ඒ අනුව නවසීලන්තය ලකුණු 296ක් ඉදිරියෙන් සිටියේය. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ටොම් ලේතම් ලකුණු 264ක් රැස්කරමින් නොදැවී පිටියේ රැඳී සිටියේය. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ළහිරු කුමාර ලකුණු 127ට කඩුලු 4ක් ලබාගැනිමට සමත්විය.