සංචාරක ශ්රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුනු 58කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්විය. නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 580/4ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි. නැවතත් ලකුණු 416ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 358ක් පමණි.
නවසීලන්තය වෙනුවෙන් පළමු ඉනිමේදී කේන් විලියම්සන් හා හෙන්රි නිකොලොස් ද්විත්ව ශතක රැස්කිරීමට සමත්වූහ.