ක්‍රිකට් ආයතනයටත් එහි සභාපතිවරයාටත් දැඩි චෝදනාවක් එල්ල කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කටයුතු කළේ.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් ඔහු මේ බව පැවැසිය.
“ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා යූ ටියුබ් නාළිකාවලට සල්ලි දීලා මට විතරක් නෙමෙයි ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පහර දුන්නා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අන්තනෝමතිකව කටයුතුව කරනවා.
ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩකයෝ ගණනාවක් ආබාධවලට ලක්වුණා. අද ධනුෂ්ක ගුණතිලකට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකරණයේ ප්‍රශ්න නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට මේ ඉන්න රොෂාන් රණසිංහ අමාත්‍යවරයාව ඔඩොක්කුවේ දා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔහුටත් මඩ ගහන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කටයුතු කරන්නේ අත්තනෝමතික ආකාරයට. මම මිත්‍ර යෙක් හමුවෙන්න සී.සී.සී. එකට ගියාම මම ඔහුට බලපෑම් කරන්න ආවා කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලය අද වංචා සහිත ගුහාවක් බවට පත්වෙලා තියෙනවා.මේ අය ලෝක කුසලානයට වඩා හෙට අනිද්දා තියෙන එල්.පී.එල්. එක ගහගන්න බලනවා.
වෙන රටවල ක්‍රීඩා තරග පවත්වන්නේ ඒ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය. හැබැයි අපේ රටේ මම ප්‍රශ්න කරනවා මේ තරග පවත්වන්නේ කවුද? අද බුකී කාරයන්ට යටත් වුණ ක්‍රිකට් පාලක මණ්ඩලයක් තියෙන්නේ.
ඒකේ ප්‍රථිඵල තමයි අද අත්විදින්නේ. ගාල්ලේ තරගයකදී අවසාන ඉනිමේ ලකුණු හාරසිය ගාණක් ගහලා අපි පැරදුනා. මැච් ෆික්ෂින්. පිච් එක තලන කෙනාගේ ඉදන් සේරටම සල්ලි දීලා අද ක්‍රිකට් පාලක මණ්ඩලය සූදු පිටියක් බවට පත්වෙලා තියෙන්නේ.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අපි කෝප් කමිටුවට ගේන්න බලාපරෛාත්තු වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳට ගියේ අතුරු කමිටුවක් තියෙන කොටයි. මම කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට අතුරු කමිටුවක් දාන්න.
96 ලෝක කුසලානය ගහන වෙලාවේ අපේ ගියේ 14 දෙනයි. 11 දෙනෙක් ගහනකොට 3 දෙනෙක් එළියේ හිටයා. කවුරුවත් ආබාධ වුණේ නෑ. 2014 විස්සයි20 ලෝක කුසලානයේදී කවුරුවත් ආබාධවලට ලක්වුණේ නෑ. මේ වා ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දාන්න. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විගනණය කරන්න. ලෝක කුසලාන තරගාවලිය ගැන සොයා බලන්න”