එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.
ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහය ඇතිව ඇය ලබාගත් මෙම ජයග්‍රහණය 2012 වසරෙන් පසු ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාවක් ආසියානු මට්ටමින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසසට එක්වෙයි. 2012 වසරේදී අවසන් වරට ආසියානු මට්ටමින් කාන්තා අංශයේ බොක්සිං පදක්කමක් දිනාගනු ලැබූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිරෝමාලි වීරරත්නය.
කෙසේ නමුත් පිරිමි අංශයෙන් ආසියානු තරගාවලියක අවසන් වරට ලෝකඩ පදක්කමක් දිනාගනු 1987 වසරේදී පී.එල්.ජේ. රත්නසූරිය විසිනි. 2019 වසරේ දකුණු ආසියානු බොක්සිං තරගාවලියේදීද මෙම බර පන්තිය නියෝජනය කරමින් නදීකා පුෂ්පකුමාරි ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨය නියෝජනය කරන නදීකා, මෙම බර පන්තියේ රන් පදක්කම හා දෙවතාවක් ලෝක ශුරතාවය දිනා ගත් කසකස්තානයේ නාසිම් කයිසාබේට් ක්‍රීඩිකාවට පරාජය වූවාය. ඒ අනුව ඇයට ලෝකඩ පදක්කමෙන් සැහීමට සිදුවිය.
මෙවර ආසියානු ශූරතාවලිය තියුණු සටන්කාමීන්ගෙන් යුතුව ඉතාමත් තරගාකාරි ස්වරූපයක් ගෙන් තිබිණි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ නිසි පුහුණුවීම්වල යෙදීමටද අවස්ථාවක් නොලද මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් ආසියානු මට්ටමේ ජයක් අත්කරදීමට සමත් වීම ඉතා සුවිශේෂ ජයග්‍රහණයක් වේ.
ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ 31 වැනි අදියර ලෙස පසුගියදා (24දා) ඩුබායිහිදී (Le Méridien Dubai Hotel) ආරම්භ වූ මෙවර තරගාවලිය අද (31දා) අවසන් විය.
මේ අතර මෙම තරාවලියේ සිදු වූ වඩාත් සුවිශේෂී සිදුවීමක් වූයේ ලෝක ශූරි මේරි කොම්ට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවීමයි. නදීකා තරග වැඳුණු කි.ග්රෑ. 51 (Flyweight) බර පත්තියෙන් මේරි කොම් තරග වැඳුණු අතර, ඇය කසකස්තානයේ නාසිම් කයිසායිබේ හමුවේ පසුබැසීමට සිදුවිය.
මේරි කොම්ට වඩා අවුරුදු 11කින් වයසින් අඩු ක්‍රීඩිකාවක වන නාසිම්, තරග වට 3-2ක ජයක් ලැබීය. කෙසේ නමුත් නාසිම්ද දෙවරක් ලෝක ශූරීය වී ඇති අතර, හය වරක් කසකස්තාන ජාතික ශූරිය ලෙසද ජයග්‍රහණ ලබා ඇත.
ඉන්දීය පුරාවෘතයක් බඳු 38 වැනි මේරි කොම් ඔලිම්පික් ලෝකඩ පදක්කමක්, ලෝක බොක්සිං ශූරතාවලි හයක රන් පදක්කම්, ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කමක්, පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්, ආසියානු ශූරතාවලි පහක රන් පදක්කම් ලෙස ලොව ප්‍රධාන පෙළේ තරගාවලිහි රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 03ක් ජයග්‍රහණය කර ඇත.
සංජීව ධර්මසේන/ඕෂිත වරකපිටිය